තේ දලු නෙලන්නන්ගේ දිනක වැටුප රුපියල් 1000ක් බවට පත්කර ගැනීමේ සටන මේ දිනවල ඇවීලි යන නමදු එයට කුමන ආකාරයක ප්‍රතිචාරයක් රජයෙන් හෝ තේවතු හිමියන්ගේ ලැබේදැයි කිව නොහැකිය .මේ තේදලු නෙලන මිනිසුන් පුරා සියවසකුත් අඩක් පමන කාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට කඹුරා ලංකාව ලෝක තේ අපනයනකරුවන් අතර ප්‍රමුඛස්ථානයක් කරා ගෙන යාමට ලේ හඩිය හැලූ නමුදු කුමන හෝ අවාසනාවක් මත කරුණාබර හදවතින් යුතු කිසිවෙකුගේ අවධානයට යොමු නොවු පීඩිත මිනිසුන් පිරිසක් ලෙස ඔහුන්ට ජීවත්වීමට සිදුව ඇත .කිවහොත් කාලෙන් කාලෙට මතුවන දමිල තේ කම්කරුවන්ගේ ගැලවුම්කරුවන් උන්ගේ කරමතින්ම ගොඩයාමත් ඔවුන් සදාකාලීකවම මේ අපා ජීවිතය තුල සිරවී සිටීමේ ප්‍රීතිය භුක්ති විදින්නන්ගේත් ගනන විශාල සංඛාවකි.
මෙහි දැක්වෙන්නේ BBC ලෝක පුවත් සේවය හරහා 2018-04-10 වන දින The 150 years old story of sri lankan tea making යන ශිර්ෂයෙන් යුතුව Schmoo theune විසින් ඉදිරිපත් කරන ලද ඡායාරූප වාර්ථාවක සිංහල පරිවර්තනයකි.ඇගේ මේ වාර්ථාව සැබැවින්ම තේ කම්කරුවන් ගැන නොව සුප්‍රකට ලාංකීය තේ නිශ්පාධනය ගැන උවද ඉන් වැඩි කොටසක් මේ කම්කරුවන් ගැනද සටහන් කිරීමට ඇය අමතක කර නැත. Schmoo theune කොරියානු සම්භවයක් සහිත එක්සත් ජනපදයේ ජීවත්වන්නියක් වන අතරම ඇය දැනට බර්ලිනයේ සිට විවිධ හේතුන් මත වෙනත් රටවලට සංක්‍රමනය වුවන් පිලිබද ගවේශනයේ යෙදෙන ව්‍යාපාතියක යෙදෙමින් සිටී.
සමස්ත ශ්‍රිලංකාවේ ජන ප්‍රතිශතයෙන් 5% පමන පිරිසක් එරටට ඩොලර් බිලියන ගනනින් ආදායම් උපදවා දෙන තේ සැකසුම් ආශ්‍රිත නිශ්පාධන සදහා අවශ්‍ය දලු නෙලීමේ කාර්‍යන් සදහා කදු බෑවුම් වල වැඩෙහි යෙදෙමින් සිටි. මෙහි දැක්වෙන්නේ 1867 සිට ලංකිකයන්ගේ ජීවිත නගා සිටුවීම සදහා තේ නිශ්පාදයේ දාකත්වය පිලිබද වාර්තා ඡායාරූප ශිල්පිනී Schmoo theune විසින් පලකරන ලද ඡායාරූප පෙලකි.
මේ තේවතු යායවල් පිහිටා ඇත්තේ මේවායේ වැඩ කරන කම්කරුවන් උදෙසා වතු හිමියන් හෝ සමාගම් හිමියන් විසින් තනා දී ඇති බැරැක්ක හැඩැති කුඩා නිවස්න පෙලකට ඉහලින්ය. සෑම දින 7ත් 14 ත් අතර කාලපරිච්චේයක් තුල කොල මේරීමට පෙර දලු නෙලිය යුතු වන අතර දිනෙන් දින ස්ථානය මාරුකරමින් තැනින් තැනට දලු නෙලීම සදහා මේ කම්කරුවන් ගමන් කල යුතුය.
දිනක් පුරා නෙලන තේ දලු සදහා ඔවුන් රුපියල් 600 හෙවත් දල වශයෙන් යුරෝ 2.70 වැනි ප්‍රමාණයක් උපයන නමුත් දිනක කිලෝග්‍රෑම් 18 ක ඉලක්කය සම්පුර්ණ නොකලහොත් ඔවුනට ලැබෙන්නේ රුපියල් 300ක් හෙවත් යුරෝ 1.30 කට ආසන්න ප්‍රමාණයකි. විවිධ කර්මාන්තශාලා විවිධ අකාරයට මේ ගෙවීම් සිදුකරයි මේ දලු නෙලන්නන්ගෙන් අති බහුතරයක් බ්‍රිතාන්‍ය යුගයේ මෙරටට කැදවාගෙන ආ ඉන්දීය සම්භවයක් සහිත දමිල ජාතිකයින්ය.
කම්හල් සහ කම්කරු නිවස්න යා කරනු ලබන්නේ මේ වැනි අවධානම් සහිත මාර්ග වලිනි.
රසය කෙරෙහි තේ ගස් පවතින උස ප්‍රමාන්‍ය බලපායි ඉතා ඉහල මුදුන් වල සැදෙන ගස් වල දලු වලින් නිපදවන තේ වල ඉතා මෘදු රසයක් පවතින අතර පහල උස මට්ටක ඇති ගල්වලින් නිපදවන තේවල ඇත්තේ ඊට වඩා අඩු රසයකි .
මේ දලු නෙලන්න්ගේ අත් ඉතා ගොරෝසුය මේ කර්තව්‍යයේ ඇති දැඩි අපහසුතාවය මත දැන් තරුණ පිරිස මෙය අත හැර විදේශ රැකියා බලා යාම හෝ ඇගලුම් කමිහල් වල සේවයේ නිරතවන්නට පටන්ගෙන තිබෙනවා.
ඇතැමි කම්කරුවන් තවමත් ජීවත් වන්නේ 1920 බ්‍රිතාන්‍ය යුගයේදී ඔවුන් වෙනුවෙන් තනා දුන් නිවෙන් වල වන අතරම ඇතෙමක් ඒවා දැන් වෙනස් ආකාරයට සකස්කර ගෙනඇත. මේ නිවාස වලට විදුලිය හෝ ජල සැපයුම ලැබෙන්නේ දිනකට පැය කිහිපයක් පමනි .බොහෝ ඒවට ඒ මුලීක ජල විදුලි පහසුකම්වත් නැති අතර රෙදි සේදීම නෑම වැනි දෛනික කාර්්‍යන් සදහා ඔවුන් ලගම ඇති ස්වභාවික ජල මුලාශ්‍ර වෙත පිවිස ඒවා භාවිත කරයි.
ඇතැමි ප්‍රදේශවල ජනතාව සිය ජල අවශ්‍යතා සපුරා ගන්නේ දින තුනකට පමන වතාවක් එක් දිනකදී නිවසේ ඇති භාජන වලට ජලය රැගෙන විත් රැස්කර ගැනීමෙනි. සාමාන්‍යයෙන් කම්කරුවන් උදෑසන 7.30 පමන වන විට සිය රජකාරී ආරම්භ කල යුතුයි. මොවුන් ලබන ගෙවීම ඉතා අඩු බැවින් බොහෝ අවස්තාවල පවුලක සාමාජිකයෙක් විදේශ රටක හෝ ලංකාවේ වෙනත් ප්‍රදේශයක ගෘහ සේවයේ යෙදී සියල පවුල වෙත මුදල් එවීම සිදුකරයි.
කාන්තාවන්ට බොහෝවිට තේවතු වල මෙන්ම නිවෙස් වලට කාර්‍යන් පැවරී ඇත.