14 July 2019

George Orwell ගේ දේශපාලනික නවකතාව "Animal Farm" නොහොත් ගොවිපොල අන්දරය

මෙවර ග්‍රන්ත සමාලෝචනයේදී සාකච්ඡාවට බදුන් වන්නේ එංගලන්ත ජාතික කීර්තිමත් ලේඛකයකු වු ජෝර්ජ් ඕවෙල් විසින් ලියන ලද ඉමහත් ජනප්‍රියත්වට පත් නවකතාවක් වන Animal Farm ග්‍රන්තය ගැනයි. Gorge Orwell නොහොත් Erik Aurther blear උපත ලබන්නෙ 1903 වර්හයේදි යටත් විජිත ඉන්දියාවේ මෝතිහාරි ප්‍රදේශයේ ප්‍රාදේශිය බ්‍රිතාන්‍ය නිලදාරියකු දාවයි ගුරුවෘත්තියෙන් පසු මාධ්‍යවේදියකු ලේඛකයෙකු පමනක් නොව සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවී කටයුතු කල අයෙකු ‍ලෙස ඔහු ඉතා ජනප්‍රිය විය .1984,Homage to Catalonia,the road to wigan pair ආදි ඔහුගේ ග්‍රන්ත ඇගයීමට ලක්විය.මෙම ග්‍රන්තය ''ගොවිපොල අන්දරය '' නමින් සිංහල භාශාවට පරිවර්ථය කරනු ලබන්නෙ බුමුතුරුනු, අග පිපි මල් හා ඉටිපහන් වැනි නිර්මාන බිහිකල ලංකාවේ ඉමහත් කෘතහස්ත ලේඛිකාවක් ලෙස සැලකෙන සුමිත්‍රා රාහුබද්ද මහත්මියයි .

පවතින දුශ්ට ක්‍රමයකට එරෙහිව  සමාජ පරිවර්ථනයකට මුලසුන, ගැනීම ජයග්‍රහනය හා ඉන්පසු එහි අධිකාරීත්වය දැරිමත් එය සෙසු මහජනතාවගේ මතයට මුල් තැන දෙමින් ඉදිරියට යා යුතු වීමේ වැදගත්කමත් නොතැකු ඕනෑම ආයතනයක් හෝ සමාජයක් නැවත බිදවැටීම නොවැලැක්විය හැකි කරුනකි. ඇස් ඉදිරිපිටම ගොඩනැගීමට මුල්ගල් තැබු කාල්මාක්ස්ගේ විද්‍යාත්මක සමාජ ක්‍රමය බිදවැටීම හෙවත් යුතෝපියායේ අභාවය සිදුවී දැන් දශක තුනකටත් ආසන්නය. ඒ බිදවැටිමටද එක් අතකට නිලධාරිවාදය හා අත්තනෝමතිකත්වය හේතු වු බව සෝවියට් සංගමය විසිරවීමෙන් පසු මිහයිල් ගොර්බචොව් විසින් ප්‍රකාශකරන ලදී .ජෝර්ජ් ඕවල් විසින් ලියන ලද මේ නවකතාව සැබැවින්ම සෝවියට් විප්ලවයෙන් පසු ඇතිවු ස්ටාලිින්ගේ ඒකාදිපතිවාදය හා ට්‍රොට්ස්කිගේ ගැටීම ඔස්සේ නැවත ආසාර්ථකත්වයට පත්වීම ගොවිපලක සතුන් යොදාගෙන ඉමහත් ආකාර්ශනී්‍ය අකාරයට රචනාකරන ලද්දකි.

 මේ කතාවට අනුව මේජර් නමින් හැදින්වෙන මහලු ඌරා විසින් දකින සතුන්ගේ නිදහස පිලිබද විප්ලවයේ සිහිනය ගොවිපලේ හිමිකරුවන ජෝන්ස් මැනොර් මහතා සහ සිය පවුල සතුන් විසින් විප්ලවයක්  සිදුකොට එලවා දමා සාක්ශාත් කරගනී .විප්ලවයට නායකත්වය ගනු ලබන්නෙ ඌරන් විසින්ය. නමුත් වැඩිකලක් යන්නට මත්තෙන් නැපෝලියන් නම් හිතුවක්කාර ඌරා සහ ස්නෝබෝල් නම් දක්ශ සැලසුම්කරු සහ ඉදිරිගාමියකු වු ඌරා අතර ඇතිවන මතබේද වල ප්‍රතිපල ලෙස සිය බලය යොදා නැපෝලියන් විසින් ස්නෝබෝල්ව ගොවිපල රාජ්‍යයෙන් පන්නා දමයි. ඉන් පසුව ඇතිවන්නේ කිසිවෙකුත් නොසිතූ භීම සමයකි. ස්නොබෝල් සිටි සමෘද්දිමත් යුගය සතුනට අමතක වී යයි .නැපොලියන් ඇතුලු සිය ඌරු පවුල සියලු සැප සම්පත් විදිමින් සොදුරු ඒකාධිපතියකු ලෙස ක්‍රියාකරන්නට පටන් ගනී. ස්නෝබෝල් සහ අනික් සතුන්ගේ ධෛර්‍ය අමතක වී නැපෝලියන් ගැන පමනක් ගීත ගායනය වෙයි. විප්ලවය ජයග්‍රහනයේ තනි අයිතිය බුක්තිවිදිමින්  සතුන්ට  විප්ලවය ගැන පමනක් උදම් අනමින් රැවටීමෙන් කල්ගත කරයි. සතුන් මිනිස් පාලකයා වු මැනෝර් මහතා සමග ගෙවු කාලටත් වඩා දුශ්කර කාල පසුකරයි .

බොරුව වංචාව දූශනය හා අත්තනෝමතිකත්වය රජයන්නට පටන් ගනී. ඔවුනට සිදුවු එකම යහපත නම් තවදුරටත් ජිවිත අහිමි නොවිම පමනකි. කතාව තුල ඉතා වැදගත් චරිතදෙකක් බොක්සර් නම් ශක්තිමක් අශ්වයා සහ මෝසස් නම් කපුටා විසින් සිදුකරයි .බොක්සර් විප්ලය මත විශ්වාසය තබා සිය ජිවිත කාලයම සතුන් වෙනුවෙන් වැඩ කරයි. බොක්සර්ගේ චරිතය අනුවේදනිය එකකි .කිසිවක් නොලබාම බොක්සර් අවසානයේ නැපෝලියන් විසින් මස්කඩයට දක්වනු ලබයි අප වෙසෙන සමාජයේ වැඩකරන පන්තියේ අවසාන ඕවෙල් විසින් ඔසවා තබන්නේ බොක්සර් චරිතය හරහායි .මැනෝර් මහතාගේ සුරතලෙක්ව සිට විප්ලවයෙන් පසු ක්‍රමක්‍රමයෙන් නැපෝලියන්ගේ සහචරයකු බවට පත්වන මෝසස් කපුටා සතුන් මරනින් පසු සතුන් සුකිරි කන්ද නමින් ස්තානයක උපදින බවත් සෘතු හතරේම තණකොල සහ බඩවැටියේ සීනි ගුලි සහ හනඇට කේක් ඇති බවත් දේශනා කරයි .මේ බොරු ප්‍රචාර පතුරුවන්නා මේ සමාජයේ ආගමික පැලැන්තිය නිරූපනය කරයි. නමුත් සියලු ප්‍ර්‍යත්නයන් අවසානයේ සතුන්ට හිමිවන්නේ බේබද්දන් පිස්සු කෙලින මිනිස් වර්ගයා සමග ඩිල් දමන අරාජික නායකයන් සිටින ගොවිලකි . කතාව අවසානයේ කියවන්නට සැබෑම අතිතකාමී හැගීමක් සහා අවසානය පිලිබද කඩාවැටීමක් නැතිනමි හිස්කමක් ඇතිකරලීමට තරමි ජෝජ් ඕවල් මේ කතාව අපුරුවට ගොතා තිබේ 

ලංකාවේ පරිවර්තන කෘති අතර අපට නිතර දක්නට ලැබෙන ගැටලුවක් වන කියවීමේ අපහසු බව පිටු 138 ක් පුරා දිවෙන මෙම කෙටි නවකතාවේ දක්නට නැත .කියවන්නන්ට ඉතා පහසුවෙන් තේරුම්ගත හැකි සුපැහැදිලි බස්වහරකින් පරිවර්තනය කිරීමට සුමිත්‍රා රහුබද්ද මහත්මියට හැකිවි තිබෙන අතරම ඔීනෑම වයසක අයෙකුට කියවා රසවිදිය හැකි පොතක් පමනක් නොව සෑම අයෙක් විසින්ම කියවිය යුතු පොතක් බවට නිර්දේශකල හැකි ග්‍රන්තයකි. මේ පොත සුමිත්‍රා රහුබද්ධ ප්‍රකාශනයකි.